Followers

Tuesday 30 May 2023

පරණ කතා

පුස් ගොඩයි දූවිලි මකුළු දැල් වැල් ගොඩයි මේ ලඟදි ඒ ලඟින් කාවෙකුත් ගියා

බිම බලන මගහරින රවන ඔරවන මූණ ඉස්සරට වඩා දැන් හරි වෙනස් වෙලා

පරණ එක හිනාවක් පොතින් බිම වැටුනහම අහම්බෙන් ඇස්වලින් හිනාවක් ගියා

ඉපැරණිම අල්ලාප සල්ලාප බොහොමයක් කන ගාව කොඳුරලා ඈතකට ගියා



හැමදාම හවස්වල ඉර බහින දවස්වල මුහුද ළඟ හවස් වරු ගොඩක් ගත වුණා

ඉතිං එහෙමත් දාක අපි ඉමුද හඳ ගාව හා පැටව් හත් දෙනෙක් වටේටම තියා 

කාලෙකට ඉස්සරින් වචන බිම වැටුණේම මම කියන වචනයත් අමතකම වෙලා

දැන් මතක නැතුවැති ඒ පරණ කතා කල් ඉකුත් වෙලත් දැන් ගොඩක් කල් ගියා







2 comments:

පෙම්වතා

  පිල්ලමෙන් පිල්ලමට ආදරේ මං සෙවූ දිගුම පිල්ලම් පිරුණු ඇස් දෙකකි මුලා වූ ඇඟිල්ලෙන් ඇඟිල්ලට ජීවිතේ දිග සෙවූ අතක් ඇති අහම්බෙන් නුඹ ඇවිත් තනි...