Followers

Thursday 8 June 2023

සංසාර හිතවත

ඉරී වෙන් වී ගියත් ජීවිත මලේ ලස්සන පෙතී

නුබට හැකිනම් මසා ලන්නට බිඳුණු හදවත පිරි පෙතී

දැනීමයි මහ රිදීමයි එක කඳුළෙ තිබුණත් බෙදී

කවුරු කවදානම් දකින්නද රිදුණු තැන් හරි හැටී

මසාලන්නට කිසිත් නැති මුත් පාරන්න බෝ වෙතී

ජීවිතේ මල්  හැලුණු දවසක එයත් රිද්දන කටු ඉතී

මට නොහැක තව දරා ඉන්නට ජීවිතේ අත් හැර යමී

තබා සොහොනෙන් ලස්සනම මල් නුඹට නික්මී යා හැකී


වීණාවී



No comments:

Post a Comment

පෙම්වතා

  පිල්ලමෙන් පිල්ලමට ආදරේ මං සෙවූ දිගුම පිල්ලම් පිරුණු ඇස් දෙකකි මුලා වූ ඇඟිල්ලෙන් ඇඟිල්ලට ජීවිතේ දිග සෙවූ අතක් ඇති අහම්බෙන් නුඹ ඇවිත් තනි...