Followers

Wednesday, 12 July 2023

තනි නැත අඬ සඳ

 රිදෙන තැන් නොරිදෙන්න සීරුවට පුරුද්දා 

වළාගැබ හිස්තැනක අඬ සඳක් එල්ලුවා


එලිය නැති තැන්වලට අඬ අඳුර අත වනා

තරු එකක් දෙක තුනක් ඒ අතර විසිරුවා


කොහොමහරි රෑ අහස ලස්සනට සරසලා

තරු එකක් දෙක තුනක් හිතුමතේ යා කරා


රෑ අහසෙ ඉන්නවයි කියපු අය නැති නිසා 

රටා ඇඳ ඇඳ මකා දෙතුන්වර පීරුවා


අහම්බෙන් ඇස් දෙකක් රටාවක දිලිසුණා

තරුත් ආගන්තුකයි රහසේම මිමිණුනා


වීණාවී

3 comments:

ලීක් ආතල් ද?

 ලීක් වෙනවා එහෙම නැත්නම් ලීක් කරගත්තා ඔය වගේ වචන අද මුහුණු පොතේ උඩ පහළ යන ඔයාලා හැමෝටම දකින්න පුලුවන් වෙන්නැති. සරලම කාරණය ලීක් එකක් කියන දේ...